කැලණිය – පෙතියාගොඩ වෙල්ල පාරේ නිවසක අද (27) උදෑසන ඇති වු ගින්නකින් එම ස්ථානයේ තිබු නිවාස 6ක් ගිනි ගෙන විනාශ වී තිබේ.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ යුද හමුදා නිලධාරින්ගේ සහය ඇතිව මේ වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.



