විදෙස් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Share

විදේශ රටවලට අයත් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු පුද්ගලයන් 55 දෙනෙකු අද (27) අළුයම දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස කටාර් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

පැමිණි පිරිස අතර විදේශ රටවලට අයත් නෞකා වල සේවය කරන 47 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල වල සේවයකයන්ගේ පවුල්වල සාමාජිකයන් 08 දෙනෙකු සිටින බව සඳහන්.

එම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

Read more

Local News