රැකියා අහිමිව ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Share

කොරෝනා වෛරසය හේතුවෙන් ජෝර්දානයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් එලෙස කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වී ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස පහක පමණ කාලයක සිට අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිසට රැකියා අහිමි වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ (27) දිනයේ ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කර්මාන්තපුරය පිහිටි ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ශ්‍රී ලාංකිකයින් පිරිස නිලධාරීන්ට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News