දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්

Share

දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරිපද්ධති ප්‍රතිසංස්කරණය වී නොමැති බැවින් කෘෂිකර්මාන්තයට සහ ජන ජීවිතයට හානිකර බලපෑමක් ඇති කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කුලියාපිටිය සමූපකාර ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවට සහභාගී වෙමින් මෙම අදහස් පළ කර තිබේ.

විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් ඇතිව වැව් ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම සඳහා තම ප්‍රදේශවල ජාවාරම් තොරතුරු නිර්ණාමිකව ජනාධිපති කාර්යාලයට එවන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read more

Local News