කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වු අයෙකි.
මොහු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත්වීමට පෙර ඩුබායිහි දී පැවැත් වු සාදයකට සහභාගී වු අයෙක් බවට වැඩිදුර විමර්ශනවල දී අනවාරණය වී ඇත.
සැකකරු අද (28) මාලිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



