අද (29) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2317ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ(28) දිනයේ දී හඳුනාගත් නව ආසාදිතයින් පස් දෙනා සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2810 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 482 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.



