කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනපති කියයි

Share

දූෂණ සහ අක්‍රමිකතාවයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අද(29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙන අතරතුර ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙන ආර්ථික ක්‍රියාවලියකට රජය මුල පුරා ඇති බවත් කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසත් ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාවට පවසා තිබේ.

එසේම උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රැකියා 150,000ක් ලබාදීම මැතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

Read more

Local News