මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් පැවති මිනිත්තු 45ක කාලය පැයක් දක්වා දීර්ඝ වෙයි.
අද(29) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.
ඔක්තෝබර් මස 11 වන දින ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.
එමෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රයේ වරණ 4 මෙවර වරණ 3ක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.



