මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරු තිදෙනා රිමාන්ඩ්

Share

බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල අගෝස්තු මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

ඔවුන් අද(29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අප වාර්තාකරු පැවසීය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද දහවල් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර විය.

Read more

Local News