කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(30) පැය 10ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කොළඹ 01, 02, 03, 07, 08, 09, 10, 12, 13, හා 14 යන ප්‍රදේශවලට අද පස්වරු 2.00 සිට පැය 10ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ අඩු පීඩනයකින් ජලය සැපයීමට කටයුතු කර ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read more

Local News