අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසළ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
කොළඹ සිට මාතර දෙසට ධාවනය වු දුම්රියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ඌරවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



