අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (8) සිදු කෙරෙන බැවින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය නිවේදනය කරයි.
ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර බෙල්ලන්විල රජමහාවිහාරයේ සිට ප.ව 1.00ට බොරලැස්ගමුව හන්දියේ සිට 120 මාර්ගයේ රත්තනපිටිය හන්දියට පැමිණ රත්තනපිටිය හන්දියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයට ප්රවේශවීමට නියමිතය.
ආදාහන පෙරහැර හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බැවින් මහජනතාව සහ රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
ආදාහන පූජෝත්සවයට පැමිණෙන වාහන ආදාහන පෙරහැර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පිවිසීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රධාන දොරටුවෙන් ඇතුළු කිරීම සිදු නොකරන අතර ඉන් පසු පැමිණෙන සියලු වාහන රත්තනපිටිය දෙල්කඳ මාර්ගයේ අන්දිරිස් මාවත ඔස්සේ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටියේ පිහිටි රථගාල භාවිතා කළ හැකි බවද පොලීසිය කියයි.