Home දේශීය පුවත් නීතිවිරෝධීව ඉතාලියට යාමට උත්සහ කළ තරුණයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉතාලියට යාමට උත්සහ කළ තරුණයෙක් අත්අඩංගුවට

0
නීතිවිරෝධීව ඉතාලියට යාමට උත්සහ කළ තරුණයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපිලේඛන භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ව්‍යාජ නේවාසික ගමන් බලපත්‍රයක් සකස් කරමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලියට යාමට උත්සහ කළ තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ කවුළුව වෙත පැමිණි එම තරුණයා, ඉතාලියට ඇතුළුවීම සඳහා නිකුත් කර තිබූ නේවාසික වීසා කාඩ්පත පිළිබඳව ඇති වු සැකය මත කටාර් ගුවන් සේවයේ නිලධාරීන් ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් වෙත භාර දී තිබේ.

එහිදී එම නිලධාරීන් තරුණයා ඉදිරිපත් කළ නේවාසික වීසා කාඩ්පත සහ අනෙකුත් ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක්කරන අතරතුර, ඔහුගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද සිදුකර තිබේ.

ඉතාලියේ නේවාසික වීසා කාඩ්පතක් හිමි අයෙකුගේ තොරතුරු යොදා ඊට තමාගේ ඡායාරූපය පමණක් අදාළ වීසා කාඩ්පත හා ගුවන් ගමන් බලපත්‍රයට යොදා සකස් කර ඇති බවයි එහිදී ඔහු හෙළිකර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක් වන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහුව කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here