තුවාල ලබා රෝහලට ඇතුළත් කර සිටි මහර රැඳවියෙක් පළා යයි

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ.

 

ඊයේ (02) රාත්‍රීයේ එම රැඳවියා රෝහලෙන් පැනගොස් තිබේ.

පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.