ක්‍රිකට් ක්‍රීඩක අෆ්රීඩි යළි පාකිස්තානයට

සිය දියණිය අසනීපවීම හේතුවෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක පාකිස්තානු ක්‍රීඩක ෂහීඩ් අෆ්රීඩි යළි පාකිස්තානය බලා පිටව ගොස් තිබේ.

 

පුද්ගලික හේතුවක් මත මෙසේ පිටව යන බවත් ඒය සමථයකට පත් වු පසු තමන් නැවත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සමඟින් එක් වන බවත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබිණි.

Exit mobile version