උත්සව සමය තුළ ඉතාලිය වසා දැමීමට තීරණය කරයි

නව කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පනවමින් ඉතාලිය යළි වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

නත්තල් උත්සවය හා නව වසර ඉලක්ක කර ගනිමින් අදියර තුනක් යටතේ රට වසා දැමීමට තීරණය කළ බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව,

නත්තල් උත්සවයට සමගාමීව දෙසැම්බර් 24 සිට 27දක්වා වෙළෙඳසැල් වසා දමා සංචරණය සීමා කිරීමට තීරණය කර තිබේ.

නව වසර උදාවට සමගාමීව දෙසැම්බර් 31 සිට ජනවාරි 3 දක්වා රට වසා දැමීමටත් තීරණය කර ඇත.

තවද, ජනවාරි 5 වනදා සිට 6 වනදා දක්වා එක් දිනක් සඳහා ද ඉතාලිය වසා දැමීමට තිරණය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version