සංචාරක හෝටල්වල හිඟ විදුලි බිල්පත් ගෙවීමට දුන් සහන කාලය දීර්ඝ කරයි

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල්වල හිඟ විදුලිබිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

ඒ අනුව මේ වසරේ හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා 2021 වසරේ සැප්තැම්බර් දක්වා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලබාදී තිබූ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ 2021 දෙසැම්බර් මස 31 දින දක්වා වසරක සහන කාලසීමාවක්.

Exit mobile version