යුක්‍රේනයේ සිට පැම්ණි සංචාරකයින් 03කට කොරෝනා

ඊයේ(29) දිනයේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

 

අදාල පිරිස මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීමට මෙරට සෞඛ්‍ය අංශ ඇතුළු ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගනු ලැබිය.

මේ වන විට එම ආසාදිතයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇත

Exit mobile version