ඉන්දුනීසිනු ජනපතිවරයාත් කොවිඩ් එන්නත ලබා ගනී

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් ද නොවිඩ් එන්නත ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඉන්දුනීසියාව විසින් චීන නිෂ්පාදිත COVID-19 එන්නත ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇත.

විඩෝඩෝ ජනාධිපතිවරයාට පසුව, ඉහළ හමුදා, පොලිස් සහ වෛද්‍ය නිලධාරීන්ට මෙන්ම ඉන්දුනීසියානු උලෙමා කවුන්සිලයේ ලේකම්වරයාටද එන්නත ලබා දී තිබේ.

“මෙම එන්නත අපව ආරක්ෂා කිරීමට භාවිතා කළ හැකි මෙවලමයි. නමුත් වඩා වැදගත් දෙය නම්, මෙම එන්නත අපගේ පවුල, අපේ අසල්වැසියා, ඉන්දුනීසියානු ජනතාව සහ මානව ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීමේ මෙවලමයි ”යනුවෙන් එරට සෞඛ්‍ය අමාත්‍ය බුඩි ගුණඩි සාඩිකින් පවසා ඇත.

මේ අතරලොව පුරා කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉතාමත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වි තිබෙන අතර අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරීපත් වූ ජෝ බයිඩන් දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට සති තුනකට පමණ පෙර බයිඩන් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබා දුන් අතර ජෝ බයිඩන් තම කොරෝනා වෙරස් කාර්ය සාධක බලකාය කෙරෙහි විශ්වාසය පවතින බව ද ප්‍රකාශ කර ඇත

තම වයසේ සිට අනෙකුත් ඇමරිකානුවන් තුළ ද ෆයිසර්  එන්නත පිළිබඳව විශ්වාසය ඇති කිරීම සඳහා මෙලෙස එන්නත් ලබා ගැනීම සිදු කළ බව ද ජෝ බයිඩන් ප්‍රකාශ කරනු ලැබිය.

Exit mobile version