රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොල රත්නපුර තාක්ෂණික විද්‍යාලයේ නිරීක්ෂණයක

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රත්නපුර තාක්ෂණික විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා ඊයේ (12) දිනයේ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල එක් වි තිබේ.

 

එහිදි අමාත්‍යවරිය විසින් නව නිපැයුම් සොයාගන්නා සහ අදහස් ඇති ග්‍රාමීය තරුණ ප්‍රජාවට ඔවුනගේ නිපුණතාවන් සංවර්ධනය කරගැනීමට, අදහස් හුවමාරු කරගැනීමට සහ එය ඉදිරිපත් කිරීමේදි පැන නගින ගැටළු සම්බන්ධව එහිදී සිසු දරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබුවාය.

එමෙන්ම දරුවන්ගේ දැනුම සහ හැකියා පුළුල් කිරීම වෙනුවෙන් අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව නිළධාරීන් සමග සාකච්ඡා කළාය.

Exit mobile version