සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු : විපක්ෂ නායක

අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කර තිබේ.

 

ඒහි වැඩ්දුරටත් සදහන් වන්නේ සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු යනුවෙනි.

ප්‍රේමදාස මහතා වැඩ්දුරටත් සදහන් කරන්නේ ලෝකවාසී සමස්ත හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන තෛපොංගල් මංගල්‍යය අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බවය.

මහජනයා අතර සුහදත්වය මෙන්ම, අන්‍යෙන්‍ය අවබෝධය උදාකර ගතහැකි උග්තුංග අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හඳුනාගත හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

Exit mobile version