යුද හමුදාපතිගේ උපදෙස් පරිදි රතඹලාගම ක්‍රීඩාපිටිය සංවර්ධනය අරඹයි

ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන පසුගිය 30වනදා මොණරාගල දිස්ත්‍රික්කයේ හම්බේගමුව ප්‍රදේශයේදී පැවතිණි.

 

මේ අතර, එහිදී පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් විසින් සිදුකරන ලද ඉල්ලීම් යුද හමුදාපතිතුමන් වෙත දැන්වීමෙන් අනතුරුව ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් පැය විසිහතරක් ගතවීමටත් පෙර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් ප්‍රකාරව, යුද හමුදා 15 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් රතඹලාගම කණිෂ්ඨ විද්‍යාල ක්‍රීඩාපිටිය සංවර්ධනය සඳහා ඊයේ(31) කටයුතු ආරම්භ කරන ලදි.

එහිදී ඒ පිලිබඳව ප්‍රදේශවාසින් හා පාසල් බලධාරීන් සිය අදහස් පළකිරීමද සිදුකෙරිණි.

Exit mobile version