ළමුන් රැකියාවක යෙදවීමේ අවම වයස මෙන්න

ළමුන් රැකියාවක යෙදවීමේ අවම වයස පිලිබද තීරණයක් ගෙන තිබේ.

 

ඒ් අනුව ළමුන් රැකියාවක යෙදවීමේ අවම වයස ලෙස අවුරුදු 16 සිට බවට තීරණයක් ගෙන ඇත.

මෙය ශ්‍රී ලාංකික දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, ශාරිරික හා මානසික සෞඛ්‍ය යහපත් කිරීමේ තවත් සාධනීය පියවරක් ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා සදහන් කළේය.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ වයස අවුරුදු 16 ත් 18 ත් අතර වයසේ ළමුන් අනතුරුදායක රැකියාවල යොදා ගැනීමේ හැකියාවක් නොමැති බවයි.

Exit mobile version