හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

මිදිගම වින්තක නොහොත් හරක්කටා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පාතාල නායකයෙකු බවට පැවසෙන පුද්ගලයෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී මිලිමීටර් 0.22 උණ්ඩ යොදන කළු පැහැති පෙන් වර්ගයේ ගිනිඅවියක්, T56 මැගසින් 1ක්, T56 උණ්ඩ 22ක්, T56 බයිනෙත්තු 1ක් සහ කඩු 3ක්ද නිලධාරීන් භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

වැලිගම පොලිස් වසමේ දම්මලවත්ත මිදිගම නැගෙනහිර, අහංගම යන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version