වටිනා දැව තොගයක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

වාරියපොල සිට හොරණ ප්‍රදේශයට දැව ප්‍රවාහනය කරමින් සිටියදී කන්ටේනර් රථයක් හා සැකකරුවන් දෙදෙනෙකු ඉංගිරිය අඩවි වන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ප්‍රවාහනය සඳහා බලපත්‍ර අවශ්‍ය හා වටිනා ශාක වර්ග දර සඳහා කපා එම කන්ටේනරය මගින් ප්‍රවාහනය කර තිබේ.

සැකකරුවන් දෙදෙනා හා කන්ටේනර් රථය හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version