ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පුද්ගලයා මීට පෙර මත්ද්‍රවය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකි.

මේ අතර ඔහුගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට මුදල් ලැබී ඇති බවත් එමෙන්ම එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්නියා ප්‍රදේශයේ සිට මෙහෙයවනු ලබන යම් අන්තවාදි මත දරන සංවිධානයක ගිණුමකට බැර වී ඇති බවද වාර්තා වෙයි.

Exit mobile version