පාස්කු වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් පණිවිඩයක්

මිනිස් වර්ගයා පවින් ගලවා ගනීම උදෙසා කිතු සම්පත් කුරුසියක් මත දිවි පිදුවේ කල්වාරියේ ගොල් ගොතා කදු මුදුනේදිය. කිතුණු විශ්වාසයට මරණයෙන් නැගිටිම එනම් උත්ථානය සිදුව ඇති අපූර්වතම දිනය පාස්කු ඉරිදා දිනය ලෙස හදුවන්වනු ලබන බව අද(04) දිනයේ සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කර තිබේ.

එහ වැඩිදුරටත් සදහන් වන්නේ ” නයින් ගත්කල ක්‍රිස්තු භක්තිකයන් සමරන වැදගත්ම උත්සවය ලෙස පාස්කු ඉරිදා සැලකේ. දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති ප්‍රේමය නිසා සිදු කළ පරිත්‍යාගය මෙන්ම නපුර හා මරණය පරාජය කිරිම මෙනෙහි කරමින් සමරන විශේෂ අවස්ථාවකි. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදු වූ බිහිසුණු සිදුවිමේ කම්පනය තවමත් අප අතරින් පහව ගොස් නැත.පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරුවන් සොයා ගැනීමේ වගකීමෙන් කිසිවෙකුට බැහැරවිය නොහැක. එම පරීක්ෂණ විශ්වාසනීයත්වය විනිවිද පෙනෙන අන්දම්න්සහ අපක්ෂපාති කඩ්නමි බව යන කරුණු මත පිහිටා සිදුවිය යුතුය. එම ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ සියලු දෙනා වෙනුවෙන් මනුෂ්‍යතවයේ නාමයෙන් සාධාරණය ඉටුවිය යුතු ය. අහිංසකයින්ගේ ජිවිත පැහැර ගන්නට පැමිණි මුළා වූ අන්තවාදින් ඒ ජිවිත ඩැහැගත්තද ඒ මිය ගිය සියලු දෙනා ප්‍රාණ පරිත්‍යාගීන් සේ පාස්කුවේ උත්ථානය ජිවත්වන්නන්ට කියාදෙන බව කිතු බැතිමතුන්ගේ විශ්වාසයයි.

ඉකුත් වසරේ මෙන්ම මෙවර පාස්කු ඉරිදාවද ක්‍රිස්තු භක්තිකයන්ට සමරන්නට සිදුව ඇත්තේ ඔවුන්ගේ සුපුරුදු අාකාරයේ සමූහ නමස්කාර හා උත්සව වලට සහභාගි විමට සීමා පැනවී ඇති තත්ත්වයක් තුළය. රෝබිය නපුර හිංසනය ප්‍රතිවිපාක ජය ගැනිම සදහා ලොව පුරා කෝටි ගණන් ක් වූ ක්‍රිස්තු භක්තිකයන් මෙම වාතාරික කාලය තුළ යාඥා කරනු ලැබූහ. ඒ උදාර අරමුණු හා අපේක්ෂාවන් ඒකාන්තවම ඉටුවන බවට සැකයක් නැත. පුණ්‍යවන්ත පාස්කු ඉරිදාවක් වේවා” යනුවෙන් අදාල නිවේදනයේ සදහන් කර තිබේ.

Exit mobile version