17වන වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර, ඇසුරුම් සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය අද (03) සිට ලබන 05දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියා සහ චීනය නියෝජනය කරන විශාල ප්‍රමාණයේ ව්‍යාපාරික ආයතනයන් 80ක් පමණ සහභාගිවීමට නියමිතය.
මෙවර ප්‍රදර්ශනයේ දී දේශීය මෙන් ම විදේශීය ආහාර නිෂ්පාදනකරුවන් වෙනුවෙන් ප්‍රදර්ශන කුටි 350කට වැඩි සංඛ්‍යාවක් වෙන් කර තිබේ.