සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත්තේ පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය දා ප්‍රකාශයට පත් කිරීමටයි.
පාසල් අවට මීටර් 500 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම නතර කිරීමට මීට පෙර තීරණය කර තිබුන ද එය මේ වනවිට මීටර් 100 දක්වා අඩු කර ඇත.
තව ද වයස අවුරුදු 18 ට අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීම තහනම් කිරීමේ නියෝගය වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.
මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරියේ දී ලබාගැනීමට නියමිතය.