ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද (6) ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනක් මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මව හා ඇගේ දියණියයි.
මොටර් රථයේ හතර දෙනකු ගමන් කර ඇති අතර වයස අවුරුදු දෙක හමාරක් වයසැති දැරියක් හා අවුරුදු තිහක පිරිමි පුද්ගලයකු තුවාල ලබා ඇත.
ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.