X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ඇසිඩ් වැසි ඇතිවීමේ අවදානමක්

X-Press Pearl නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අගවා තිබෙනවා. එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරන්නේ නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් ඇසිඩ් වැසි ඇති විය හැකි බවයි.

ඒ හේතුවෙන් මේ දිනවල ඇති වන වැසි වලට ජනතාවට සෘජුවම නිරාවරණය වීමෙන් වළකින ලෙසට එම අධිකාරිය ඉල්ලීමක් කරනවා.

Exit mobile version