ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් තීරණය කර අැත්තේ මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය අද (08) පෙ.ව. 10.00 ට ඉවත් කර ප.ව. 6.00 ට නැවත පැනවීමටයි.
ඒ අනුව මාර්තු 08 වන දා පෙරවරු 10.00 සිට එදින පස්වරු 06.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කොට තිබේ.
සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කර ඇත.
ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පික හේතු මත මෙසේ ලබා දී ඇති සහන කාලය ඉතා වගකීමෙන් භාවිතා කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
නීතිඥ සුදර්ශන ගුණවර්ධන