අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වැල්ලම්පිටිය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ නව භික්‍ෂු නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම සහ රන්වැට ස්ථාපිත කිරීම ඊයේ (11) පැවැත්විණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේශ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ග ජයවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ දායක දායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.