අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට 2018 වසරේ පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා විදුහල්පතිවරුන් වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායාරූප මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට 2018 වසරේ පෙනී සිටින සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ වසරේ දී නව ජාතික හැදුනුම්පත් 3,50,000ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද මේ වනවිට උපදෙස් සහිත චක්‍රලේඛන විදුහල්පතිවරුන් වෙත යාවා ඇති බවද සඳහන් කළේය.