ඉදිරි පැය 36 තුළ ධීවර ප්‍රජාවට ධීවර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසටත් ධීවර හා නාවික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් ඉතා විමසිල්ලෙන් සිටින ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට දකුණ දෙසින් පවතීයි.
එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව බස්නාහිර දෙසට, එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, මන්නාරම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව ද ඔවුන් සඳහන් කරයි.