ජපානයේ පස්දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (12) දිනයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ටෝකියෝ නුවර නරීටා ගුවන්තොටුපලෙන් ජපානයට ළඟා විය.
ඒ අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (13) දිනයේ එරට රජුවන අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ බැහැදැකීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගත් බවත්, ජනාධිපතිවරයා නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය හෙට දිනයේ එරට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බවයි.