ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය විමර්ශන ආරම්භ කෙරේ.
ඊයේ (12) දිනයේ මුලතිව් නයාරූ ප්‍රදේශයෙන් අදාළ ධීවරයින් රැගත් බෝට්ටුව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබේ.
අතුරුදහන්වූවන් සෙවීමේ කටයුතු නාවික හමුදාවේ සහය ඇතිව ආරම්භ කර ඇති බව මුලතිව් පොලීසිය පවසයි.