ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සෞදි ආරාබියේදී වෙඩි තබා ඝාතනය කරයි

Share

සෞදි ආරාබියේදී එරට සෞදි ජාතිකයකු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ප්‍රියංකා ජයශංකර් නැමැති 42 හැවිරිදි ලාංකික කාන්තාවකි. ඇය සැකකාර සෞදි ජාතිකයාගේ නිවසේම සේවය කළ ගෘහ සේවිකාවකි.
මෙම වෙඩි තැබීම සිදුකළේ යැයි පැවසෙන සෞදි ජාතිකයා ලාංකික කාන්තාව ඝාතනය කිරීමෙන් පසුව ඔහු ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 31 හැවිරිදි තරුණයකු වන අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තෙකු බවට සෞදි පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ඝාතනය ලක්වූ ලාංකික සේවිකාවගේ මළ සිරුර මේ වන විට එරට අල් රාස් ප්‍රදේශයේ රෝහලක තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද පැවසේ.

Read more

Local News