කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි ලේ දන් දීමේ වැඩසටහනක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ සේවක සුබ සාධක සංගමය මඟින් සංවිධානය කර තිබේ.
එ් අනුව අද (15) පෙ.ව 9.00 සිට ප.ව 2.30 දක්වා කාලය තුළ නො 45, ශාන්ත මයිකල් පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණෙන මෙන් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.