සිව්වන වරටත් ජර්මනියේ චාන්සලර්ධූරය ඇන්ජලා මර්කල්ට

ජර්මනියේ පැවති දේශපාලන අර්බුද නිමාකරමින් සිව්වන වරටත් එරට චාන්සලර්වරිය ලෙස ඇන්ජලා මර්කල් දිවුරුම් දෙනු ලැබීය.

මහ මැතිවරණයේ දී ඇන්ජලා මර්කල් නායකත්වය දුන් සන්ධානය ජයග්‍රහණය හිමිකර ගනු ලැබුව ද ඔවුන්ට හිමි වූයේ සියයට 33 ක ඡන්ද ප්‍රතිශයක් පමණි.

පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට ඇන්ජලා මර්කල්ගේ පක්‍ෂය කටයුතු කළ අතර ඒ සඳහා මාස 6 ක පමණ කාලයක් ගත විය.

ඇය ජර්මනියේ චාන්සලර්වරිය ලෙස දිව්රුම් දුන්නේ එම ධුරයට සිව් වතාවක් අඛන්ඩව පත් වූ පළමු පුද්ගලයා ලෙසිනි.

Exit mobile version