Home දේශීය පුවත් තංගල්ල මැඩිල්ල – මහමෝදර යාකරන පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි

තංගල්ල මැඩිල්ල – මහමෝදර යාකරන පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි

0
තංගල්ල මැඩිල්ල – මහමෝදර යාකරන පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි

ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතගේ ප්‍රධානත්වයෙන් තංගල්ල ප්‍රදේශයේ ජලගැලීම් පාලනය සදහා අත්‍යවශ්‍යව තිබු තංගල්ල මැඩිල්ල – මහමෝදර යාකරන පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීම සිදු විය.

ගංවතුරින් හානි වු ප්‍රදේශවල පාලම් ඉදිකිරිමේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය -2017 යටතේ මෙම තංගල්ල මැඩිල්ල – මහමෝදර පාලමේ ඉදිකිරීම් සිදු කෙරේ. මේ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්‍ෂ 450 කි.

මෙම පාලම ඉදිකිරීමත් සමග තංගල්ල ප්‍රදේශයේ ජලගැලීම් සම්පුර්ණයෙන් පාලනය කිරීම අපේක්‍ෂා කෙරේ.

වැසි ජලය ගලා යාමට පාලමක් නොමැති වීම හේතුවෙන් අධික වැසි සහිත කාල වලදී ප්‍රදේශයේ ජලගැලීම් හේතුවෙන් ජනතාවට විශාල ගැටළු වලට මුහුණ දීමට සිදු විය. සංචාරක ව්‍යාපාරය ඉතා සාර්ථකව ක්‍රියාත්මක මෙම ප්‍රදේශයේ පැවති ගමනාගමන අපහසුතා හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට ද විශාල ගැටළු මතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here