අලුතින් නිකුත් කරන සෑම ගෑස් සිලින්ඩරයක ම නව ස්ටිකරයක්

අලුතින් නිකුත් කරන සෑම ගෑස් සිලින්ඩරයක ම නව ස්ටිකරයක් ඇලවීමට ලිට්‍රෝ සමාගම අභියාචනාධිකරණයේ දී අද පොරොන්දු වුණා.

එසේම දැනට වෙළඳපොළට නිකුත් කර ඇති සියලු ගෑස් සිලින්ඩර යළි කැඳවීමට කටයුතු කරන බව ද ලිට්‍රෝ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.

ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිත අනතුරු පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක් ගොනු කරනු ලැබුවේ නාගානන්ද කොඩිතුවක්කු මහතායි.

දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවේ ඇති ගෑස් ප්‍රමිතියට නැති බව පාරිභෝගික සේවා අධිකාරිය තහවුරු කළා.

ඒ අනුව ගෑස් නැව නැවත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

Exit mobile version