රුසියානු ජනාධිපති පුටින් මහතාට ජනපතිගෙන් සුබපැතුම් පණිවිඩයක්

පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමුකරමින් ජනාධිපතිතුමා සඳහන් කර තිබෙන්නේ ව්ලැඩ්මීර් පුටින් මහතා ලබාගත් මෙම විශිෂ්ට ජයග‍්‍රහණය එතුමාගේ නායකත්වය සහ දේශපාලන පරිනතභාවය පිළිබඳ රුසියානු ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් බවයි.

ජනපති සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ප‍්‍රගතිශීලි සහ ශක්තිමත් සබඳතාවයක් බවට පත්කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවත්, දෙරටේ පොදු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට කලාපීය සහ බහුපාර්ශ්වීය වශයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටට හැකියාව ලැබෙනු ඇති බවයි.

Exit mobile version