බදුල්ල පාසලක් පිටුපස පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

බදුල්ල සුජාතා විද්‍යාලයට පිටුපසින් බදුලුඔයට පාරේ තිබි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) දහවල් හමුවූ බව බදුල්ල පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, එම ස්ථානයේ සිට මිටර් 50 ක් පමණ දුරින් යාම්පානම් වත්ත පළමු පටුමගේ තිබී මරණකරුගේ යැයි සැකකරන රබර් සෙරෙප්පු දෙකක් හා හිස්වැසුමක්ද සොයාගත් බවයි.
Exit mobile version