සා.පෙළ විභාගයේ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්විය.

ඒ අනුව 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කිරීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ අද (28) රාත්‍රියේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කිරීමට සැළසුම් කරන බවයි.

Exit mobile version