ඊයේ(08) රාත්‍රි 9 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මකයි.

Share

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07කට ඊයේ(08) රාත්‍රි 9 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය මේ වනවිට ක්‍රියාත්මක වේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

අදිරිනීතිය පවතින කාලය තුල අදාළ පොලිස් බල ප්‍රදේශවල සිටින සියලු පුද්ගලයින් සිය නිවාසවල රැදී සිටිය යුතු බව සහ පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම, මහජන සාමය පවත්වාගෙන යාම සදහා බාධා කිරීමක් ලෙස සලකා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන පොලිස් නිවේදනයේ සඳහන් වේ.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වන අතර
ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය පවසයි.

Read more

Local News