චීන සහල් තොගය ගොඩබෑමේ කටයුතු අවසන් වෙයි

චීනය විසින් පරිත්‍යාග කළ සහල් රැගෙන පැමිණි නෞකාවේ ගොඩබෑම් කටයුතු අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව චීන රජය විසින් මෙරටට පාසල් සිසුන් සඳහා ලබාදෙන සහල් ආධාර යටතේ මෙට්‍රික් ටොන් 1000 ක් (සහල් මලු ලක්ෂයක්) මෙලෙස ගොඩ බා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ජූනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Exit mobile version