දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරේ

මැති ඇමතිවරුන්ගේ විදුලි බිල කෝටි ගණනින් ගෙවන්න තිබුණත් ඒ මාළිගාවල නම් විදුලිය කැපෙනවා අපි අහලා නැහැ.

පොඩි මිනිහට එක විදියකටත් ලොකු මිනිහට තව විදිහකටත් සලකන්න මේ මැති ඇමතිවරුන් වගේම නිලධාරිනුත් දක්ෂයි.

ඒ නිසා විදුලි බිල ගෙවා ගන්න බැරි දුෂ්කර ආගමික ස්ථාන සොයමින් එහි විදුලිය විසන්ධි කරන්න විදුලි බල මණ්ඩලය දැන් කටයුතු කරමින් ඉන්නවා.

මේ අසාධාරණයට අලුතින්ම මුහුණ දුන්නේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයයි.

දිඹුලාගල අරණ්‍ය සේනාසන භූමියේ පිහිටි සියලුම ගොඩනැගිලිවල විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ කටයුතු කර තිබුණා.

මේ හේතුවෙන් අරණ්‍ය සේනාසනයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලා පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. වැඩිහිටි හා සාමණේර භික්ෂූන් වහන්සේ හැත්තෑවකට ආසන්න පිරිසක් දිඹුලාගල අරණ්‍ය සේනාසනය තුළ වැඩ වසනවා.

ඝන කැලෑවකින් වටවූ අරණ්‍ය සේනාසන භූමිය වන අලින් ඇතුළු වන සතුන්ගේ තර්ජනයට දැඩි ලෙස ලක් වනවා. අද උදෑසන ද වන අලි දිඹුලාගල අරණ්‍ය සේනාසන භූමියට කඩා වැදී සිටින ආකාරය දැක ගත හැකි වුණා.

ඓතිහාසික දිඹුලාගල අරණ්‍ය සේනාසන භූමියේ පිහිටි සියලුම ගොඩනැගිලිවල විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ කටයුතු කර තිබුණා.

මේ හේතුවෙන් අරණ්‍ය සේනාසනයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලා පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. වැඩිහිටි හා සාමණේර භික්ෂූන් වහන්සේ හැත්තෑවකට ආසන්න පිරිසක් දිඹුලාගල අරණ්‍ය සේනාසනය තුළ වැඩ වසනවා.

ඝන කැලෑවකින් වටවූ අරණ්‍ය සේනාසන භූමිය වන අලින් ඇතුළු වන සතුන්ගේ තර්ජනයට දැඩි ලෙස ලක් වනවා. අද උදෑසන ද වන අලි දිඹුලාගල අරණ්‍ය සේනාසන භූමියට කඩා වැදී සිටින ආකාරය දැක ගත හැකි වුණා.

අරණ්‍ය සේනාසනයේ විදුලි බිල ලෙස රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් ගෙවීමට ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version