ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටට ඇප

පසුගිය සැප්තැම්බර් හය වෙනි දින පණවනු ලැබූ තෙවසරක සිර දඬුවමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ඉදිරිපත්කර තිබුණු අභියාචනය සළකා බැලූ කොළඹ මහාධිකරණය ඔවුන් ඇප මත මුදාහැරීමට තීරණය කළේය.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළේය.

ඔවුන් දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් කර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියෝග කෙරිණි.

Exit mobile version