යුක්‍රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 450 වන දිනය යි.

බ්‍රසීල ජනපති ජගත් ආරක්ෂක මණ්ඩලයට ඊයේ දින චෝදනාවක් එල්ල කළා.

ඒ යුද්ධයක් ඇතිවීම වලක්වාගත නොහැකි වීමේ සම්පුර්ණ වගකීම ජගත් ආරක්ෂක මණ්ඩලය භාරගත යුතු බවට පවසමින්.

මේ අතර යුක්‍රේන සන්නද්ධ කණ්ඩායමක් යුක්‍රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය රැසක් අද වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් සිය රටට ඇතුළු වූ කඩාකප්පල්කාරී සන්නද්ධ කණ්ඩායම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව රුසියාව පවසනවා.

මේ අතර තම බලය තහවුරු කරගත් බක්මූට් නගරය ජුනි 1 වනදා වන විටි රුසියාවට භාරදෙන බව වැග්නර් ප්‍රධානියා පවසනවා.

Exit mobile version